රාගම නගරයේ පිහිටි  බ‍්‍රවුන්ස් පෞද්ගලික රෝහල (දැන් මෙල්ස්ටා නමින් හඳුන්වන) එහි කළමනාකාරීත්වයේ සේවය කරන නිලධාරියකුට
කොරෝනා වැළඳීමේ සැකය හේතුවෙන් වසා දමා තිබේ.

ඔහුට කොරෝනාවේ මූලික ලක්ෂණ පහළවී ඇති අතර මේ වන කොරෝනා පරීක්ෂාවට යොමු කර ඇත.රෝහලේ ප‍්‍රධාන දුරකතන අංකයෙන් මේ ගැන කළ විමසීමේදී
රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් චැනල් කිරීම් සේවා නතර කර ඇතැයි දන්වා ඇත.