බූස්ස විශේෂිත බන්ධනාගාරයේ සාමාන්‍ය සිරකුටිවල මෙතෙක් රඳවා සිටි මරණීය දණ්ඩනය නියමවූ පොට්ට නවුෆර් මොහොමඩ් සියාම් කැමිලස් පිල්ලේ හා සැකකරුවකු වන ගෞතම් නමැත්තා ඇතුළු සිවු දෙනා
පෙරේදා (26) සිට විශේෂ ගණයේ සිරකුටිවලට  මාරුකර යවා ඇතැයි එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.

පාතාල අපරාධකරුවන් හා මත් කුඩු ජාවාරම්කරුවන් රඳවා සිටින මෙම විශේෂ ගණයේ තනි සිරකුටි සංඛ්‍යාව ඒ සමගම 31 දක්වාද ඉහළ ගොස් තිබිණි. දූෂණ ක්‍රියා සිදු වූ බව කියන මීගමු බන්ධනාගාරයේ සැකකාර ජේලර්වරයා ඉකුත්දා රීමාන්ඩ් භාරයට | පත් කෙරුණු අතර ඔහු මේ වනවිට බූස්ස බන්ධනාගාරයේ විශේෂ සිරකුටියක රඳවනු ලැබ සිටී. ඒ අනුව විශේෂ ගණයේ සිරකුටි 46න් 32ක් සම්පුර්ණ වී අවසන්ය.

(ජයන්ත සමරකෝන්)