Jul21 update
මේ පිළිබද දැනට ලැබී ඇති වැඩිදුර තොරතුරු අනුව


එලෙස මියගිය පෙම්වතා වැල්ලවත්ත
ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වෛද්‍යවරයෙකු බව පැවසේ. ගෙමිරත්න රාජා නමැති ඔහුගේ පෙම්වතියද කොළඹ ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකි.
Jul20 update
ගාල්ල නෙළුව දූලිඇල්ලේ දිය නෑමට ගිය පෙම් යුවළක සෙල්ෆි ගන්නට යාමේදී ගලකින් ලිස්සා ගිය පෙම්වතා දියේ ගිලී මියයාමේ සිද්ධියක් ඊයේ  (19) පස්වරුවේ දි වාර්තා විය.
මියගොස් ඇත්තේ කොළඹ වැලවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි. මොහු තම පෙම්වතිය සමඟ
දුලිඇල්ලේ දිය නෑමට පැමිණ ඇති අතර දිය නාමින් සිටියදී ගලක් මත නැග සෙල්ෆි ඡායාරූපයක් ගන්නට යාමේදී පය ලිස්සා වැටීමෙන් පසු දිය පතුලට ගසාගෙන ගොස් තිබේ.
එම අවස්ථාවේදී පෙම්වතිය කෑගසා අවට සිටි අයගෙන් උදව් ඉල්ලා ඇති අතර අවට සිටි අයෙකු වතුරට පැන තරුණයා බේරාගෙන ඇති නමුත් ඒ වනවිටත් ඔහුට වතුර පෙවී අසාධ්‍ය තත්වයේ පසුවී ඇත. මූලික ප්‍රථමාධාරවලින්ද ඔහුට සුවයක් ලැබී නැති අතර පසුව නෙළුව ග්‍රාමිය රෝහල වෙත ගෙනයාමෙන් පසු තරුණයා මියගොස් තිබේ.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය නෙළුව ග්‍රාමිය රෝහලේ තැන්පත්කොට තිබීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය අද (20) කරාපිටිය රෝහලේදී පැවැත්විණි.
මෙය දියේ ගිලීමෙන් සිදුවූ මිය යාමක් බවට තීරණය විය.

මෙම අනතුර සිදුවූ ස්ථානය ලිස්සන සුලු  නිසා අවදානම් බවට දැන්වීම් පුවරු ගණනාවක් දක්වා ඇති නමුත් එය නොතකා සිදු කළ ක්‍රියාවෙන් ජීවිතයක් අහිමිව ගිය බව ප්‍රදේශවාසීන් දන්වා ඇත.