ගාල්ල නෙළුව දූලිඇල්ලේ දිය නෑමට ගිය පෙම් යුවළක සෙල්ෆි ගන්නට යාමේදී ගලකින් ලිස්සා ගිය පෙම්වතා දියේ ගිලී මියයාමේ සිද්ධියක් ඊයේ අපි වාර්තා කළෙමු.

මේ පිළිබද දැනට ලැබී ඇති වැඩිදුර තොරතුරු අනුව
එලෙස මියගිය පෙම්වතා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වෛද්‍යවරයෙකු බව පැවසේ. ගෙමිරත්න රාජා නමැති ඔහුගේ පෙම්වතියද කොළඹ ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකි.
මොහු තම පෙම්වතිය සමඟ දුලිඇල්ලේ දිය නෑමට ගොස් දිය නාමින් සිටියදී අනාරක්ෂිත ලෙස ගලක් මත නැග සෙල්ෆි ඡායාරූපයක් ගන්නට යාමේදී පය ලිස්සා වැටීමෙන් පසු දිය පතුලට ගසාගෙන ගොස් මියගියේය.
වෛද්‍ය පෙම්වතිය කෑගසා අවට සිටි අයගෙන් උදව් ලබාගෙන බේරාගෙන ඇති නමුත් ඒ වනවිටත් ඔහුට වතුර පෙවී අසාධ්‍ය තත්වයේ පසුවීම නිසා මියගොස් තිබේ.

සිද්ධිය සම්බන්ධ පෙර වාර්තාව මෙතැනින්