උදලු මිටත් කපාගැනීම සඳහා කැලැවට ගොස් අතුරුදන්වූ මාතලේ මඩවල රජ්ගම්මන ප්‍රදේශයේ පදිංචි අයකු සොයා දින තුනක කාලයක සිට කණ්ඩායම් කිහිපයක් මෙහෙයුමක් දියත් කර ඇති බව පොලීසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ, තිදරු පියෙකු වන ඒ.ජී.විජේරත්න (අවු.65) නමැත්තෙකි. පසුගිය 20 දින උදසත වනලැහැබකටඋදලු මිටක් කපාගැනීම සඳහා ගිය අවස්ථාවේ සිට මේ වතුරුත් අතුරුදන්වී තිබේ.
මෙම පුද්ගලයා අතුරුදන්වීම සම්බන්ධයෙන් පොලීසියට ලද පැමිණිල්ලක්
අනුව මුලින්ම පොලිස් කණ්ඩායම් කිහිපයක් ප්‍රදේශවාසීන් එක්ව ඔහු ඇතුළු වූ වනජීවී කලාපයට අයත් කැලය ප්‍රදේශය සොයා බැලුවද හමු නොවු බවත්, පසුව ප්‍රදේශවාසීන් මහවෙල පොලීසිය සහ වනජීවී නිලධාරින් එක්ව එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් දියත් කළද මෙම පුද්ගලයා පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොමැති වූ තැත දඹුල්ල පොලීසියේ නිල සුනඛ අංශයේ සහයෝගය ලබාගෙන පෙරේදා (21දා) දින දවස පුරා මෙහෙයුමක් දියත් කළද කිසිදු තොරතුරක් නොලද බව මඩවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්ද්‍රසිරී පෙරේරා මහතා පැවසීය.
මඩවල රජ්ගම්මන ප්‍රදේශයේ කැලෑවේ ඇතුළත ඇති දිය කඩිති පරික්ෂා කිරීමේ කටයුතු සඳහා ඊයේ (22දා) දඹුල්ල පොලීසියට අනුයුක්ත පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම්වල සහාය ලබාගත් බවද පොලීසිය පවසයි. අතුරුදන්වූ බව කියන ඒ.පී.විජේරත්න මහතාගේ බාල පුතෙකු වන ඒ.ජී.සමන් සුසන්ත මහතා 22 දින අලුයම පොලීසියට ප්‍රකාශ කොට ඇත්තේ තම පියාගේ අතුරුදන්වීම පිළිබඳව බරපතළ සැකයක් මතුවන බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මහවෙල පොලීසිය වැඩිදුර පක්‍ෂණ පවත්වයි.
-එස්.කරුණාරත්න-