මත්ද්‍රව්‍ය විකුණූ බව කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරින්ගෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය හා පිස්තෝල ලබාගත් බව කියන බඩෝවිට රත්න නොහොත් 'ලොකු 'නමැත්තාට අයත් සුඛෝපභෝගී මෝටර් රථයක් අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (14) අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂත්පණ දෙපාර්තමේන්තුව මෙහෙයුමක් අරඹා ඇත. මොහු පදිංචි ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ තෙමහල් නිවෙස ද පරික්ෂා කර ඇති අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව නිවසේ ගරාජයේ  නවතා තිබූ මෙම මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත.

බඩෝවිට රත්න නොහොත් ලොකු නමැත්තාට හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පිස්තෝල ගිනි අවි සැකකාර තාකොටික් නිලධාරින් විසින් ලබාදෙනු ලැබ ඇති බවට විමර්ශනවලදී හෙළි වී ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත්දා අධිකරණයට කරුණු වාර්තා කර තිඛීණ..

සැකකාර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශ නිලධාරීන් වැටලීම් මගින් අත්අඩංගුවට ගත්  හෙරොයින් මෙම තැනැත්තා මගින් විකුණා ඇතැයි ද අධිකරණයේ දී හෙළි විය.එමෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය සමග මෙරටට එවා ඇතැයි කියන පිස්තෝල ගිනි අවි පහෙන් හතරක් මේ වනවිටත් අතුරුදන්ව ඇති බවත් ඒවා මෙම තැනැත්තා බාරයේ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරනු ලබන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ උපපොලිස් පරීක්ෂක උදාර යන අයගේ මිනුවන්ගොඩ පිහිටි නිවසේ තිබී සැටලයිට් දුරකතනයක් අත්අඩංගුවට ගත් බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

-නිමන්ති රණසිංහ-