බිරියගේ ගෙල වයරයකින් සිරකර සිරුර නාන කාමයේ පිටුපස දැමු බව කියන සැමියකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව බුලත්සිංහල පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ බුලත්සිංහල පහළ වෙල්ගම පදිංචිව සිටි ගමන්ගේ නදිකා නිසංසලා නමැති 36 හැවිරිදි එක්දරු මවකි.

ප්‍රේම සබඳතාවක් මත මොවුන් විවාහවී ඇති අතර ඇතිවූ පවුල් ආරවුල් පිළිබඳ බුලත්සිංහල පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසු දෙදෙනා සාමදානව පවුල් ජීවිතය ගතකර තිබූ බව පොලිසිය කියයි.
සැකකාර පුද්ගලයා ඉකුත් 07 වැනිදා අට හැවිරිදි දරුවා රැගෙන ඔහුගේ ගම් ප්‍රදේශය වන රත්නපුර නිවිතිගලට ගොස් දරුවා එහි තබා පෙරේදා (08) රාත්‍රී 7ට පමණ මෙම නිවසට පැමිණි බව මෙම කාන්තාවන්ගේ පියා පොලිසියට ලබාදුන් ප්‍රකාශයක සඳහන් වන බව පොලිසිය කියයි.

 එලෙස නිවෙසට පැමිණි පුද්ගලයා මද වේලාවකින් සිය දියණිය සමග නිවෙසේ සාලයේ පුටුවක වාඩි වී රාත්‍රී ආහාර ගනිමින් රූපවාහිනිය නැරඹූ බව එම පුද්ගලයා සිදුකළ ප්‍රකාශයේ සඳහන් වන බව පොලිසිය කියයි. රාත්‍රී නින්දට ගොස් ඊයේ 09 අලුයම අවදිව රූපවාහිනියේ පිරිත් දමා පිරිත් අසමින් සිටියදී සිය බෑනා නිවෙස පිටුපසට යනු දුටු බවත් මද වේලාවකදී බෑගයද එල්ලාගෙන පැමිණ ගෙදර යනවා කියා පැවසු බවත් රත්නපුරේ ගෙවල් හදනවා යැයි පවසා තිබු බවත් පොලිසිය කියයි.
මද වෙලාවකදී සහෝදරයා අවදිව මස්සිනා හා සිය සහෝදරිය
නිවෙස තුළ මෙන්ම ඉන් පිටත සිටීදැයි සොයා බැලීමේදී නිවස පිටුපස කාමරයේ අසල කලුපාටට හුරු ඉටි කොළයකින් යමක් වසා තිබෙන අයුරු දැක එය පරික්ෂා කිරිමේදී සිය සහෝදරිය මැරි සිටින අයුරු දැක තිබූ බව පෙලිස් නිලධාරියෙක් පැවසීය.
නිවෙස තුළ මෙන්ම ඉන් පිටත සිටීදැයි සොයා  බැලීමේදී නිවස පිටුපස කාමරයේ අසල කලුපාටට හුරු ඉටි කොළයකින් යමක් වසා තිබෙන අයුරු දැක එය පරික්ෂා කිරීමෙදී  සිය සහෝදරිය මැරි සිටින අයුරු දැක තිබූ බව පොලිසිය පැවසුවා.

පොලිස් නිලධාරින් පැමිණ සිදු කළ පරික්ෂාවේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිකට ප්‍රදේශයේ තුවාලයක් දක්නට ලැබුණ බව පොලිසිය කියයි.
ඝාතතය සඳහා යොදාගත් බවට සැකකරන රේඩියෝවක හෝ කැසට් රෙකෝඩරයක විදුලි පේනුව හා සම්බන්ධ වන වයරයක් හා අඩි තුන හතරක් දිගැති පොලක් නිවසේ බුලත් කොටුවක් තුළට තිබී පොලිසිය මගින් සොයා ගත් බව පොලිස් නිලධාරියෙක් කීය.

ඝාතනයෙන් අනතුරුව පලාගිය සැකකරු 2008 වසරේදී හොරඹ පොලිස් වසමේ නිවෙසකට සොරකමේ ගිය අවස්ථාවේදී වයෝවෘද්ධ නිවෙස් හිමීකාරිය ඒ බව දැකීමත් සමග ඇයගේ ගෙල ද වයරයකින් සිරකර ඝාතනය කිරිම සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු බවත් එම නඩුව පානදුර මහාධිකරණයේ මේ වනවිටත් විභාග වෙමින් පවතින බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණයක් පැවැත්වීමට නියමිතය.
අගුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ද සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගුණසේකර, පොලිස් කොස්තාපල් සිරිවර්ධන මහත්වරු පරික්ෂණ පවත්වති.

(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ, මිගහතැන්න - ප්‍රේමතිලක පෙරමුණ සහ බුලත්සිංහල ලක්ෂ්මි  කුඹල්ගම)