නඩු විභාගයන් ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණ පරිශ‍්‍රය තුළ රැඳී සිටි අවස්ථාවේදී
වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස්
පරීක්ෂක නියෝමාල් රංගජීව මාධ්‍යවේදියෙකුට තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්
මාධ්‍යවේදියා විසින් මෙම සිද්ධිය පිළිබද කොළඹ මහාධිකරණ පොලිස් මුරපොල වෙත  පැමිණිල්ලකට අනුව පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබෙයි.
  මාධ්‍යවේදියා චෝදනා කර ඇත්තේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් තමන්ට අමානුෂික ආකාරයෙන් සැළකු බවයි.
ඡායාරූප ගනිමින් සිටි තමන් ඔහු විසින් බලහත්කාරයෙන් අධිකරණ පොලිස් මුරපොළ වෙත රැගෙන ගොස් ලබාගත් ඡායාරූප දත්ත බලහත්කාරයෙන් නැවත ලබාගත් බව මාධ්‍යවේදියා පවසා තිබෙයි.