කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට  සම්බන්ධව සේවය කරන, හිඟුරක්ගොඩ  හතමුණ ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටි හමුදා නිලධාරියෙකුට කෝවිඩ්19 ආසාදනය වී ඇතැයි සනාථ වීමත් සමග, ඔහු ආහාර
ලබාගත්හිඟුරක්ගොඩ ආපන ශාලාවක් සහ කදුරුවෙල හා
හිඟුරක්ගොඩ පිහිටි විදුලි උපකරණ අලෙවි ආයතන දෙකක් වසා දැමීමට කටයුතු  කළ බව හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ටී.එන්. කේ. නිල්මිණි මහත්මිය පැවසුවාය.
"හිඟුරක්ගොඩ බස් නැවතුම්පොළ ආසන්නයේ ඇති ආපන ශාලාවකින් දින කීපයක් ඔහු ආහාර ලබාගෙන තිබෙනවා. කදුරුවෙල සහ හිඟුරක්ගොඩ පිහිටි විද්‍යුත් උපකරණ අලෙවි ආයතන දෙකකට මෙම යුද හමුදා නිලධාරියා ගොස් තිබෙනවා. එම ආපන ශාලාවත්, වෙළෙඳ ආයතන දෙකත් වසා දමා, ඒවායේ සේවක සේවිකාවන් නිවාස තුළ ස්වයං නිරෝධායනය කිරීමට කටයුතු කළා. ඊට අමතරව එම වෙළෙඳ සැල්වලට ගිය අය පිළිබඳ මේ වනවිට සොයා බලනවා. එම අයත් නිවාස තුළ ස්වයං නිරෝධායනයට ලක් කිරීමටත් ආපන ශාලාව සහ වෙළෙඳ ආයතනවල කාර්යමණ්ඩලයේ සේවක සේවිකාවන් පී.සී.ආර් පක්ෂණ සඳහා යොමු කිරීමටත් කටයුතු කරනවා" යැයිද නිර්මිණි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

• හිඟුරක්ගොඩ - ඩබ්.ඒ. පියතිලක