[Trending][btop]
[News][stack]

නගර සභා කාලය නිමවුණාම රෝසි දේශපාලනයෙන් ඉවත්වෙනවා - පුතා කියයි

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය නගර සභා පාලන කාලය අවසන් වීමෙන් පසු දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි ඇගේ පුත් කණිෂ්ක ස්නානායක මහතා ඊයේ (15) පැවසීය.



ඒ අනුව ඇය තවදුරටත් දේශපාලනයේ යෙදෙනූයේ වසර 2ක් පමණක් බව ද සමගි ජනබලවේගයේ අපේක්ෂකයකු වන රෝසිගේ පුත් කණිෂ්ක කොළඹ පැවති ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

සිය මව වන රෝසි සේනානායක මහත්මිය රනිල් පිලේ සිටියද, තමන්ට එය ප්‍රශ්නයක් නොවේ යැයි  කීය.