
ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම්, මහජන සාමයට බාධාවක් වන ක්‍රියාකාරකම්, මහා පරිමාණ දූෂණ, සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් සහ කප්පම් ගැනීම් ආදී තොරතුරු 1997 අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අපරාධ කල්ලි සාමාජිකයන් සහ වෙනත් කූට ගනුදෙනුකරුවන් විසින් උපයාගනු ලබන නීතිවිරෝධී වත්කම් පිළිබඳ තොරතුරු, බුද්ධිමය දේපළ වරද සම්බන්ධයෙන් තොරතුරු 1917 අංකයට දැනුම් දෙන ලෙසත් ඔහු සඳහන් කළේය.
1997 අංකයට ලැබෙන තොරතුරු පොලිස් මූලස්ථානයේ ඇති විශේෂ රහස්‍ය ඒකකයක් මගින් විමර්ශනය
කෙරෙන අතර 1917 අංකයට ලැබෙන ද තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ දැනට පිහිටුවා අති නව ඒකකය මගින් විමර්ශනය කෙරෙන බවද ඔහු පැවසීය.
මහජනතාවගේ රහස්‍යභාවය ආරක්ෂා කරමින් මෙම දුරකථනවලට ලැබෙන තොරතුරු විමර්ෂණය කරනු ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. පොලිස් මූලස්ථානයේ ඊයේ (27). පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද මෙම කරුණු සඳහන් කළේය.
(නිමල කොඩිතුවක්කු)
Comments
Post a Comment
Your comment will be visible after approval