
උපකාරක පන්ති හෝ වැඩසටහන්වලට දරුවන් යොමු කිරීමේදී අදාළ කටයුත්ත අවසන් වූ පසු දරුවන් පිටස්තර වැඩිහිටියන් සමග තනිවම ගතකරන අවස්ථා අවම කරන ලෙසටද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙමාපියන්ගෙන් හා භාරකරුවන්ගෙන් ඉල්ලා සිටී. දරුවන් තිදෙනෙකු අපයෝජනය කිරීම පිළිබඳව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත
කළ රූපවාහිනී රියැලිටි වැඩසටහන් පසුතල නිර්මාණකරුවකු ලෙස හා උපකාරක පන්ති ගුරුවරයකු ලෙස කටයුතු කළ පුද්ගලයා සතුව තිබී දරුවන් ගණනාවකගේ ඡායාරූප 17ක් සොයාගෙන තිබෙන බවත්, මෙම දරුවන් අපයෝජනයට ලක්ව තිබෙනවාද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
අපයෝජනයට ලක්ව තිබෙන දරුවන් තිදෙනා වයස අවුරුදු 16ට අඩු බවත්, ඊට අදාළ වීඩියෝ දර්ශන අතර්ජාලයට මුදාහැර තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීමට විමර්ශන පවත්වන බවත් ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. අදාළ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැර තිබුණහොත් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවත්, මීට අමතරව රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරු සතුව තිබී සොයාගත් විද්‍යුත් උපකරණ රජයේ රස පරීක්ෂකවරයාට හෝ පරිගණක විශේෂඥවරයෙකු වෙත යොමු කර වාර්තා ලබාගෙන ඉදිරි කටයුතු සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළේය. අදාළ අපයෝජනය පිළිබඳව දෙමාපියන්ගෙන් හෝ භාරකරුවන්ගෙන් තොරතුරු පොලීසියට නොලැබුණු බවත්, පිටස්තර පුද්ගලයෙකු විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදුන් තොරතුරු මත විමර්ශනය කර සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඒ මහතා පවසා සිටියේය.
-ඉන්දිකා හේවාවිතාරණ-
Comments
Post a Comment
Your comment will be visible after approval