විදුලි බිලට සහනයක් ලබා දීමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙයි. ඒ අනුව පෙබරවාරි මාසයේදී තමන්ට ලැබුණු විදුලි බිලේ මුදලම මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසයන් සඳහා පියවීමට පාරිභෝගිකයින් හට අවසර ලබා දීමට
තීරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේය.
මෙම මුදල ගෙවීමට මාස 02 ක සහන කාලයක් ලබාදීමටද තීරණය කර ඇත.
ඇතැම් විදුලි පාරිභෝගිකයින් මේ වන විටද තමන්ගේ විදුලි බිල් පියවා ඇති නම් අතිරික්තයක් ලෙස සලසා ඔවුන්ටද පෙබරවාරි බිලට සාපේක්ෂව ඉදිරියේදී අදාල සහනය ලබාදීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

කොරෝනා සමයේ කර්මාන්ත ඇණහිටීම නිසා එම පාඩුව පියවීමටදෝ විදුලි බිල ගණනය දෝෂ සහගතව සිදු කර විදුලි බල මණ්ඩලය ඉහළ මිල ගණන් පාරිභෝගිකයින්ගෙන් අයකර ගෙන තිබුනි.
විදුලි බිල අසාමාන්‍ය ලෙස ගණනය කර කොරෝනා සමයේ විශාල අගයයන් පෙන්වීම ගැන විවේචන පැවති අතර මෙම සහනය දීමට රජය පෙළැඹුනේ ඉන් පසුවය.