දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවිමේ ජනාධිපති කොමිසමේ පැමිණිලි විමර්ශනයේදී කැඳවන ලබන සාක්ෂිකරුවන් හා පැමිණිලිකරුවන් කොමිෂන් සභාවෙන් පිටත, කොමිසම රැස්වීම් ශාලාව පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී මාධ්‍යවලට ප්‍රකාශ ලබාදීම
වළක්වන්නැයි මැතිවරණ කොමිසම දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමට ලිඛිත ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව පැමිණිලි විමර්ශනයට කැඳවනු ලබන පැමිණිලිකරුවන්ගෙන්, සාක්ෂිකරුවන්ගෙන් හා වගඋත්තරකරුවන්ගෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී ප්‍රකාශ ලබාගැනීමෙන් වළකින ලෙසට දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා මාධ්‍යවේදීන්ට ඊයේ (28) අවවාද කළේය.

 එම අවවාදයට පටහැනිව කටයුතු කරන අය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරන අතර නීති මගින් කටයුතු කරන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මැතිවරණ සමයකදී මෙසේ ප්‍රකාශ ලබාදීමෙන් තමන්ට අගතියක් සිදුවන බවට විවිධ දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි සලකා බලමින් මෙම ලිපිය යොමුකරන බව ද මැතිවරණ කොමිසම සිය ලිපියේ සඳහන් කර ඇති බව උපාලි අබේරත්න මහතා මාධ්‍යවේදීන් දැනුවත් කරමින් පැවැසීය.

(මුදිතා දයානන්ද)