කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සේවය කළ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි හමුදා සෙබළුන් දෙදෙනෙකු  කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔවුන් ආසන්නයෙන් ඇසුරු කළ පුද්ගලයන් 52 දෙනෙකු නිරෝධායනයට ලක්කිරීමට දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරින් කටයුතු කර තිබේ.

මින් හත් දෙනෙකු යුද හමුදාව මගින් වෙනත් නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගොස් ඇති බවද වාර්තා  වේ.
දැනට මෙම පිරිසගෙන් 31 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු සිදුකර ඇති අතර, ඒ අතර මාස 5ක සහ අවුරුදු 7ක දරුවන් දෙදෙනෙකු සිටින බව දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි චනිත් පේදුරුආරච්චි මහතා පැවසීය.
ඉතිරි පිරිසගේ පී.සී.ආර්. පක්ෂණ කටයුතුද ඉතා කඩිනමින් සිදුකරන බවද ඔහු සඳහන් කළේය. මෙම පිරිස දැනට ජීවත් වෙන දෙහිඅත්තකණ්ඩිය, සේරුපිටිය සහ දියවිද්දාගම ගම්මානවල ජනතාව මේ වනවිට මහජන
සෞඛ්‍ය පක්ෂකවරුන් විසින් දැනුවත් කර ඇති අතර, එම ප්‍රදේශවල සංචරණ සීමා පනවා තිබේ.

• අම්පාර - වසන්න චන්ද්‍රපාල