COVID-19 වසංගතයේ බලපෑමත් සමග බ්‍රිතාන්‍යයේ ව්‍යාපාර වෙත සිදුවූ හානිය අවම කරගැනීමේ අරමුණින් රජයේ මැදිහත්වීම මත ලබාදුන් ණය සහන අරමුදල් අවභාවිත කිරීමට ලක් වී ඇතැයි එරට මාධ්‍ය පවසයි. වාර්තා සඳහන් කරන ආකාරයට මේ වනවිට ලක්ෂ 10කට අධික කුඩා පරිමාණ ව්‍යාපාර හිමිකරුවන් පිරිසක් මෙම සහන අරමුදලෙන් මුදල් ලබාගෙන තිබේ.

එහෙත් වාර්තා පවසන ආකාරයට ඔවුන් හදිසියේම ලැබුණු මෙම මුදලින් ෆෙරාරි මාදිලියේ සුපිරි මෝටර් රථ, දේපළ මෙන්ම ඉහළ වටිනාකමකින් යුත් බැඳුම්කරය මිලදී ගැනීමට යොමුවී ඇතැයි අනාවරණය වී තිබේ. ඒ අතර ඇතැම් සමාගම් රජයෙන් ලැබුණු මෙම අඩු පොලී ණය මුදල් තමන්ගේ දැනට ඇති ණය පියවීම සඳහාද යොදාගෙන ඇත.
 ව්‍යාපාරිකයන් සිදුකර ඇති මෙම කටයුතු නීතිවිරෝධී නොවුණත්, ඒවා කොරෝනා ව්‍යසනයෙන් හානි වූ ව්‍යාපාර වෙනුවෙන් ව්‍යාපාරයන්ට ලබාදීමට රජය ක්‍රියාත්මක කළ සහන ණය වැඩසටහනේ අගය හෑල්ලු කිරීමක් බවද ඇතැම් පිරිස් පෙන්වා දෙති. බ්‍රිතාන්‍ය ආර්ථිකය යළි නඟාසිටුවීමේ මෙම ණය සහන වැඩපිළිවෙළ පසුගිය මැයි මාසයේදී එරට මහා භාණ්ඩාගාරය මගින් ආරම්භ කෙරිණි. එහිදී නව කොරෝනා නිසා හානියට පත් කුඩා ව්‍යාපාර වෙත පවුම් 50,000ක් දක්වා වූ ණයක් ලබාගැනීමට අවස්ථාව හිමි විය. ඒ අනුව මේ දක්වා මිලියනයකට ආසන ණයක් අනුමත වී ඇති අතර එහි වටිනාකම පවුම් ම්රියන 31ක් ලෙස ගණන් බලා තිබේ.