
අද උදෑසන අයිඩීඑච් රෝහලෙන් පළාගිය එල්සියාම් නසීම් (41) නමැති රෝගියා කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටියදී යුද හමුදාව
මගින් හසුකරගත් බව උදෑසන 10.30 ට වාර්තා විය.
කොරෝනා රෝගයට ආසාදනය වී මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙකු වූ ඔහු රෝහලින් පැනයාම නිසා ඔහු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ විය.
අද (24දා) අලුයම මොහු රෝහලෙන් පැනගොස් තිබූ අතර පොලිසිය මහජනතාවට ඔහු හඳුනාගැනීම පිණිස ඡායාරූප හා ඔහුගේ ශරීර ලක්ෂණ ප්‍රසිද්ධ කරන ලදි.