න්දියාවේ සිට මෙරටට පැමිණ කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දින 14ක නිරෝධායන ක්‍රියාවලියේ යෙදී සිටියදී නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වූ පුද්ගලයාට
සමාජය තුලින් වෛරසය බෝවීමක් සිදුව නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියි.

මෙම පුද්ගලයා නෞකාවක සේවය කරන පුද්ගලයෙකු වන අතර ඔහු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ දින 14 ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියේ යෙදී සිට පසුව නිවෙස් වෙත නිරෝධායනය වෙත යොමු කොට තිබෙනවා. ඒ PCR පරීක්ෂණ වලදී ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුවයි.

දින 14 ක කාලයක් නිවාස නිරෝධායනයේ යෙදී සිටිමින් සිටියදී ඔහුගේ සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේය.