පන්නල ඉහළ හුන්දිරාපොල වෙල්පල්ල ප්‍රදේශයේදී අඹු සැමි යුවලක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් ඊයේ් (02) සැමියා විසින් සිදුකළ පහරදීමකින් බිරිඳ මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුතුනායක පේලිගේ ෂෙහානි ජයන්තිකා සල්මාලි නැමති 28 හැවිරිදි ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර 35 හැවිරිදි සැකකාර සැමියා සති දෙකකට පෙර රක්ෂිත බණ්ධනාගාරගතව සිට ඇප මත පැමිණ සිටි අයෙක් බව පොලිසිය පැවසීය.

ඝාතනයට ලක්ව ඇති කාන්තාව සැමියා සමඟ වාසය කිරීමට නොහැකි බව පවසා දරුවන් තිදෙනා සමඟ වෙන්නප්පුව සිරිගම්පොල ප්‍රදේශයේ ඇයගේ මවගේ නිවසේ වාසය කර ඇති බව පොලිසිය කීය.

ඝාතනයට ලක්වූ කාන්තාව එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසල රැඳී සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිණි සැකකාර සැමියා ඇය නිවස වෙත කැඳවාගෙන ගොස් ඇති බවත් එහිදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් නිවස ඉදිරිපිටදී පහරදී ඝාතනය කර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

ඝාතනය සිදුකර ප්‍රදේශයෙන් පලාගිය සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසීය