1962 වසරේ ලංකා රූ රැජණ ලෙස කිරුළු පළන් ජෙනිෆර් ඉන්ග්ලෙටන් නමැති රූප සුන්දරිය පසුගියදා අභවප්‍රාප්තවී තිබෙන අතර ඇගේ මරණය ගැන තොරතුරු සැකසහිත බවට විදෙස්ගතව සිටි ඇගේ සොයුරා ලංකාවට පැමිණි පසු මාධ්‍ය වෙත තොරතුරු සපයා තිබේ. 
දරුවන් නොලද විවාහයක සැමියාගේ මරණින් පසු වැන්දඹුවක ලෙස කාලය ගත කළ බව කියන ජෙනිෆර් අහම්බෙන් හමුවූ පෙම්වතෙකු සමග අවසන් කාලයේ ජීවත්ව ඇත. රූප රැජිණක වූ කාලයේ 1962 බොලිවුඩ් චිත්‍රපට නිළියක ලෙසද කටයුතු කළ අතර පසුකාලීනව සැමියාගේ මරණින් පසු බොරැල්ල කොටා පාරේ ඇගේ නිවස ආසන්නයේ DAFFY'S නමින් ආහාර නිෂ්පාදන ආයතනයක් පවත්වායාම ව්‍යාපාරයක් ලෙස සිදු කර තිබුණි.
ජෙනිෆර් ඉන්ග්ලෙටන් මහත්මිය ගේ මරණය සැක සහිත බවත් අවසන් කාලයේ ඇය රැක බලාගත් පුද්ගලයා ඇයව මරණයට පත්කර දේපළ සොරාගෙන ඇතැයි  බරපතල සැකයක් පවතින බවත් විදෙස්ගතව සිට ලංකාවට පැමිණි ඇගේ සොයුරා පවසා ඇත.

ඇය රැක බලාගත් බව කියන තැනැත්තා ඇය කලකට පෙර සහභාගී වූ නර්තන පන්තියක දී මිතුරු වූ පුද්ගලයෙකි. ඔහු සමග ඇය එකට ජීවත්වී ඇත්තේ වැන්දඹුවක වූ පසු කාලයේය. මියයන විට 78 හැවිරිදි වියේ පසුවූ ඇය අවසන් කාලයේ රෝගාතුරව සිටි නමුත් ඒ රෝගය හෝ ඇය රෝගීව සිටි ආකාරය ගැන තොරතුරු ඥාතීන්ගෙන් වසන් කර තිබේ.

ඇය රැක බලා ගත් බව පැවසෙන පෙම්වතා කිසිදු ආකාරයකින් ඇයට බාහිර සමාජය සමග ගනුදෙනු කිරීමට ඉඩ සලසා නැතැයි කියැවේ. දුරකථනයකට ළංවීමට පවා අවසර ලබාදී නැත.
ලංකාවේ ඇගේ හිතවතුන් නොමැති බවත් ඕස්ට්‍රේලියාවේ හා එංගලන්තයේ වැඩි දෙනෙක් විසූ බවත් පැවසේ රෝගය ගැන කියන්නට වත්  ඇයගේ සමීප ඥාතීන්ට සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දී නොමැති බව ඇයගේ සොයුරු ටෝනි හෝක් පවසයි. ඇගේ අසනීපය නිසා කතාකරන්නට විදිහක් නැතැයි පමණක් විදේශවල සිට ආ ඇමතුම් වලට දන්වා ඇත
ඔහු පවසන්නේ ඇත්ත සිද්ධිය සඟවන්නට ඇත්තේ කිසියම් කූටෝපායකට අනුව ඇගේ දේපළ සොරාගැනීමට බව පසුව අනාවරණය වී තිබෙන බවයි.

ඇයගේ සියලුම දේපළද සැක සහිත අන්තිම කැමති පත්‍රයකින් ලියා ගෙන ඇති බවත් පවසන 
සොහොයුරා මේ පිළිබඳව තමන් දන්නා තොරතුරු ඉදිරිපත් කරන ලෙස මහජනතාව ගෙන් ඉල්ලීමක් කරයි.‍
පසුගිය වසරේදී ඇය රෝගාතුර වී රෝහල්ගත කොට ඇති අතර රෝහලින් පිටවී ගිය පසු ඇයට තම පවුලේ ඥාතීන් සහ මිතුරු මිතුරියන් සමඟ ගත කිරීමට ඔස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය වුවද මෙම පුද්ගලයා ඇයට එම ගමන සඳහා ඉඩලබා දී නොමැත.
එසේම ඊට හේතු වන්නේ මෙම කාන්තාව රෝගාතුර වී රෝහල් ගත කොට සිටීම බවට හේතු දක්වා ඇත.  අහම්බෙන් හෝ නිවසට ගිය ඥාතීන් කිසිවකුට ඇය සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් ලබා දී නැත.

අවසන් කැමැති පත්‍රයකින් ඇය සතු දේපළ මෙම පුද්ගලයා වෙත පවරා ඇති බවත් මෙම අවසන් කැමැති පත්‍රයේ කිසිදු ලිපිනයක් සඳහන් ‍නොවන පුද්ගලයන් පස් දෙනකු අත්සන් කොට ඇති බවත් සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් කටයුතු කරන නීතීඥ ඉයන් ප්‍රනාන්දු මහතා පවන්නේ ජෙනිෆර් ඉන්ග්ලෙටන් මහත්මියට අයත් නිශ්චල දේපළ සමබන්ධයෙන් ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පවතින වාර්තාද අතුරුදන් වී ඇති බවය.
එබැවින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මේ වනවිට බොරැල්ල පොලිසියට පැමිණිලි කොට ඇති අතර යමකු අදාළ පුද්ගලයා සහ මෙම සිදුවීම පිළිබඳ ව යම් තොරතුරක් වෙතොත් 0722251749 හෝ 0112 432097 දුරකථන අංකවලට දැනුම් දෙන්නැයි නීතීඥ ඉයන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටී.