[Trending][btop]
[News][stack]

🔥 තවත් කන්දකාඩු උපදේශකයෙකුට හා දරු දෙන්නාට කොරෝනා පාසල් සිසුන් 70 ක් ඇතුළු 300ක් නිරෝධායනයට

න්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස සේවය කරන තවත් අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.
රාජාංගනය ප්‍රදේශයේ පදිංචි ඔහුගේ වයස අවුරුදු 11ක සහ අවුරුදු එකහාමාරක දරුවන්
දෙදෙනාටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.
අදාළ ආසාදිතයා හඳුනාගත් රාජාංගණය ප්‍රදේශයේ ළමුන් 70 දෙනෙකු ද ඇතුළුව පුද්ගලයින් 300 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.
මෙම උපදේශක නිලධාරියා අනුරාධපුරය ප්‍රදේශයේ සිට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෙත
ජුලී මස 01 වෙනිදා පැමිණ ඇති අතර ඔහු යලි 02 වෙනිදා අනුරාධපුරය පිහිටි තිසා වැව පිහිටි සිය කඳවුර වෙත ගොස් තිබෙයි.

එලෙස පැමිණි එම නිලධාරියාගේ ඥාතියෙකුගේ අවමංගල්‍යයක් හේතුවෙන් කඳවුරට ඇතුලත් නොවී
යලි රාජාංගනය යාය 05 ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස වෙත ගොස් තිබෙන බවට කරුණු අනාවරණය වී ඇත.
මෙම නිලධාරියාගේ ඥාතියාගේ අවමංගල උත්සවය පැවති රාජාංගනය යාය 03 හි පිහිටි ස්ථානය වෙත ගොස් ඇත.
එම අවමංගල උත්සවයේ අවසන් කටයුතු ජුලි මස 03 වෙනිදා සිදුව ඇත.
මෙම උපදේශකවරයා සහභාගිවූ අවමංගල උත්සවයට සහ දානය වෙනුවෙන් සහභාගිවූ බව
කියන පුද්ගලයින් 230 දෙනෙකු හඳුනා ගෙන ඔවුන්ව ස්වයං නිරෝධායනයට ලක් කිරිමට පියවර ගත් බව හමුදාපතිවරයා කියා සිටියේය.
කොරෝනා වෛරසය ආසාදනය වූ උපදේශකගේ අවුරුදු 11ක් වියේ පසුවන දරුවා පසුගිය ජුලි 4, 6 සහ 07 යාන දිනවල දී පාසැල් ගොස් ඇති බවත් ඔහුගේ පන්තියේ සිටින සිසුන් 70 දෙනෙකු සොයා ගෙන ඇති අතර ඔවුන්ව නිවසේදීම ස්වයං නිරෝධායනයට ලක් කිරිමට කටයුතු යොදා ඇති බවද යුද්ධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේය.