හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ  කාන්තා පොලිස් කොස්තාපල්වරියකට කොරෝනා වයිරසය වැළඳීම නිසා පොලිස් නිලධාරීන් 41 දෙනකු ඇතුළු 73 දෙනෙකු අද (17)  නිරෝධායන
මධ්‍යස්ථාන වලට යොමු කළ බව
නුගේගොඩ පොලිස් කොට්ඨාසය වාර්තා කර තිබේ.
මෙම පොලිස් කාන්තාවගේ පුතු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උපදේශකවරයකු හැටියට සේවය කරන බව පැවසේ. ඔහුට  කොරෝනා ආසාදනය වීමෙන් පසු හෝමාගම සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරියක හැටියට සේවය කරන මවටද රෝගය වැළඳී ඇත.
ඇයගේ සමීපතමයින් 30 දෙදෙනෙකු  මෙසේ  නිරෝධායන මධ්‍යස්ථානයට  යොමුකිරීමට පියවර ගෙන තිබේ.
මේ 30ට අමතරව හෝමාගම පොලිසියේ නිලධාරීන් 11 දෙනෙකු සහ පොලිස්  කොස්තාපල්වරියගේ වෙනත් සමීපතමයින් 32 නෙකු එකතුව 73 ක් නිරෝධායනයට යොමු කර ඇත.
ඇය සේවය කළ පොලිස් අධිකාරී කාර්යාලයේ 30 දෙනෙකු හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයටද හෝමාගම පොලිසියේ නිලධාරීන් 11 දෙනකු ද බියගම නිරෝධායන මධ්‍යස්ථානයකටද යොමු කර ඇත.