විවිධ වූ සේවාවන් ලබා ගැනීම සඳහා තම පොලිසියට ඊයේ (18) පෙරවරු 8ත් දහවල් 12ත් අතර කාලයේ පැමිණි පිරිස අතුරින් පහළොස් දෙනකුගේ පමණ ශරීර උෂ්ණත්වය ඉහළ මට්ටමක පැවතීම නිසා එම පිරිසට
පොලිස් ගොඩනැගිල්ල තුළට ඇතුළුවීමට අවසර ලබා නොදී පිරිස ආපසු හරවා යැමට සිදුව බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.

 පහළොස් දෙනකුගේ පමණ ශරීර උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 37සහ ඊට ඉහළ අගයක් පෙන්නුම් කළ බව පොලිසිය කියයි.  එම පිරිසට පොලිස් ගොඩනැගිල්ල තුළට පිවිසීමට අවසර ලබා නොදී අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස පිරිස දැනුවත් කර මෙසේ ආපසු හරවා යවා තිබේ. මෙම පිරිස ආපසු හරවා යැවීමට පෙර කිහිපවරක් ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලූ බව ද  එම සෑම අවස්ථාවකම ඔවුන්ගේ ශරිරි උෂ්ණත්වය ඉහළ අගයන් පෙන්නුම් කිරීම නිසා එම පිරිස ආපසු හරවා යැවීමට සිදුවූ බව ද එම සේවයේ යෙදී සිටි පොලිස් සැරයන් (85284) සිසිර කුමාර මහතා පැවැසීය.

(වතුපිටිවල එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)