ද (18) දින උදෑසන 0600 වනවිට දී ශ්‍රී ලංකාව තුළ කොවිච් - 19 ආසාදිතයින් දස දෙනෙකු (10) අළුතින් හදුනාගෙන ඇත.
ඉන් මන්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාල පුද්ගලයින් නව දෙනා (09) අතරින් හය දෙනෙකු (06) එම මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර (තිදෙනෙකු සේනපුර මධ්‍යස්ථානයෙන් සහ අනෙක් තිදෙනා කන්දකාඩු මධ්‍යස්ථානයෙන්) ඉතිරි තිදෙනා (03) (රාසාංගණයෙන් එක් පුද්ගලයෙක්, ගම්පහ එක් පුද්ගලයෙක් සහ යක්කල එක් පුද්ගලයෙක්) ඔවුන් ඇසුරු කළ පුද්ගලයින්
ලෙසද වාර්තා වේ.
ඉතිරි පුද්ගලයා (01) ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින (රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානය) පුද්ගලයින් ලෙස හඳුනාගෙන ඇත.
ඒ අනුව, අද (18) දින උදෑසන 0600 වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොටිඩ - 19 ආසාදිතයින් සංඛ්‍යාව පන්සිය පනස් දෙනෙකු (550) ලෙස වාර්තා වේ.
ඉන් පුද්ගලයින් හාරසිය හතලිස් හතර දෙනෙකු (444) පුනරුත්ථාපනය වන රැඳවියන් වේ. තවද, පුද්ගලයින් හැට හතර දෙනෙකු (64) කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයින් වේ. ඉතිරි හතලිස් දෙදෙනා (42) ඔවුන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වේ.
ඊයේ (17) දින මධ්‍යම රාත්‍රි EK 648 දරණ මගී ගුවන් යානය ඩුබායි සිට ද, අද (18) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය දෝහා සිටද පුද්ගලයින් මෙරටට පැමිණ ඇති අතර AI 281 දරණ මගී ගුවන් යානය ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට නියමිතව ඇත. එසේ පැමිණෙන ගුවන් යානා තුළ පැමිණෙන පුද්ගලයින් සියළුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.
අද (18) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පැක්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් එකසිය හතර දෙනෙකු (104) තම නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව යාමට නියමිතව ඇත.
එසේම, අද (18) දිනය වනවිට පුද්ගලයින් 23,286 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (18) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 56 ක් තුළ පුද්ගලයින් 6,711 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.
ඊයේ (17) දිනය තුලදී PCR පරික්‍ෂණ 1780 ක් සිදුකර ඇති අතර, මේ වන විට ශ්‍රි ලංකාව තුළ PCR පරික්ෂණ 132,796 ප්‍රමාණයක් සිදුකර ඇත.
අද (18) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් පස් දෙනෙකු (05) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර එම පුද්ගලයින් විදේශපගව සිට මෙරටට පැමිණි නිරෝධායන මධ්‍යස්ථාන තුළ දී හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ත වේ.
නාවික හමුදාවේ කොවිඩි-19 ආසාදිත විරෝදාර රණවිරුවන් නවසිය හය දෙනා (906) අතරින් නවසිය එක් දෙනෙකු (901) මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර, තවදුරටත් වීරෝදාර රණවිරුවන් පස් දෙනෙකු (05) රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.