මේ සතිය මුලදී කෝවිඩ් -19 සඳහා ධනාත්මක පරීක්‍ෂණයකින් පසු නිවසේ සිට නිරෝධායනය වෙමින් සිටි අයිශ්වර්යා රායි බච්චන් රෝග තත්වය උත්සන්නවීම නිසා රෝහල් ගත කර තිබේ.

හිටපු ලෝක රැජිනක සහ

බොලිවුඩයේ ජනප්‍රිය තාරකාවක් වන අයිශ්වර්යා මුම්බායි හි නැනාවතී රෝහලේ ප්‍රතිකාර ලබන බව ඒඑන්අයි ඒජන්සිය වාර්තා කර තිබේ.
ඒ අතරවාරයේ ඇගේ දියණිය ආරධ්‍යා ද රෝහල් ගත කර ඇති බව පීටීඅයි ඒජන්සිය වාර්තා කර ඇත.
අයිශ්වර්යාගේ සැමියා වන අභිෂේක් සහ මාමණ්ඩිය වන අමිතාබ් බච්චන් යන දෙදෙනාද සෙනසුරාදා සිට වෛරසය වැළඳී මෙම රෝහලට ඇතුළත් කරන ලද අතර තවමත් ප්‍රතිකාර ලබමින් පසුවේ.
සිකුරාදා ඉන්දියාව පැය 24 ක් තුළ නව කොරෝනා වෛරස් රෝගීන් 35,000 ක් වාර්තා කළ අතර එරට ආසාදිතයින් ගණන මිලියනය ඉක්මවා තිබේ.