ටුගස්තොට, පොල්ගොල්ල, නවයාලතැන්න දුම්රිය පාලම මතින් අද (07) අලූයම මහවැලි ගගට පැන ළාබාල තරුණයෙකු සහ තරුණියක දිවිහානි කර ගෙන තිබෙයි.
කහාපල්ලේ, තලවින්න ප‍්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තරුණයෙකු සහ පොල්ගොල්ල, නවයාලතැන්න
ප‍්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි තරුණියක් මෙලෙස මියගොස් ඇත.
ඔවුන් එම ප‍්‍රදේශයේ පාසල් 02 ක 10 වන සහ 11 වන ශ්‍රේණිවල ඉගෙනුම ලැබූවන් වූ අතර දෙදෙනා ඊයේ (06) සිට නිවෙස්වලින් අතුරුදන්ව ඇති බවට මව්පියන් කටුගස්තොට පොලීසියට පැමිණිලි කර තිබුණි.


පසුව ඔවුන් දෙදෙනා නවයාලතැන්න දුම්රිය පාලම මත සිටින බවට අද අලූයම 05.45 ට පමණ මව්පියන් වෙත තොරතුරු ලැබී තිබුණි. එම අවස්ථාවේ මව්පියන් ගොස් දරුවන් දෙදෙනා රැගෙන ඒමට උත්සාහ කළත් ඒ බව නොතකා ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් මහවැලි ගගට පැන ඇති බව වාර්තා විය.
මෙම දෙදෙනාගේ පෙම් සබඳතාවයට දෙපාර්ශ්වයෙන්ම බාධා පැවතී ඇති අතර ඒ ගැන කලකිරීමෙන් පසු ඔවුන් මෙම ක්‍රියාවට යොමුව තිබූ බව වාර්තා විය.
මව්පියන්ගේ කෑගැසීම නිසා එම ස්ථානයට පැමිණි ප‍්‍රදේශවාසීන් තරුණයා සහ තරුණිය ජලයෙන් ගොඩට රැගෙනවිත් තිබෙන නමුත්, ඒ වනවිට ද ඔවුන් මියගොස් සිට ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය පරීක්ෂණ පවත්වයි.