[Trending][btop]
[News][stack]

පීසීආර් පරීක්ෂාවේදී පැනයන්න හැදූ සිරකරු මීගමු රෝහලේ 08 වන මහලින් වැටී මරුට

කොරෝනා පරීක්ෂාව සඳහා මීගමු රෝහලට ඇතුළත් කරන ලද බන්ධනාගාර රැදවියෙකු එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන පළායාමට උත්සාහ දැරීමේදී එහි අට වන මහලෙන් වැටී මරණයට පත් වී තිබේ.

මීගමු බන්ධනාගාරයේ සිටි මෙම රැඳවියා ඇතුළු පිරිසට කොරෝනා පරික්ෂා කිරීම සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබුනේ‍ බන්ධනාගාර නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේය.
ඔහු ඊයේ මධ්‍යම රාත්‍රියේ අදාළ වාට්ටුවෙන් අතුරුදහන් වීමෙන් පසු සොයා බැලීමේදී හෙළි වී ඇත්තේ ඔහු බිම වැටී මියගොස් ඇති බවයි.
මෙසේ මිය පුද්ගලයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධ වයස අවුරුදු 34 ක පුද්ගලයෙකි.