ත්‍රීරෝද රථයකින් පැමිණි කාන්තාවක විසින් දේශපාලන කටයුත්තක යෙදෙමින් සිටි බව කියන 52 හැවිරිදි පුද්ගලයෙකු පැහැරගෙන ගිය බවට ලත් පැමිණිල්ලක් විභාග කිරීමේදී පැහැරගෙන ගිය බව කියන පුද්ගලයා නිවසක අනියම් බිරියක සමග සතුටින් සිටියදී පෙරේදා (18) අලුයම සොයාගත් බව පොලිසිය කියයි.
ප්‍රධාන පෙළේ දේශපාලකයකුගේ සම්බන්ධිකරණ කටයුතුවල යෙදෙන තිදරු පියකු වන මේ කියන  උපකාරක පන්ති ගුරුවරයා  ප්‍රවර්ධන කටයුතු සඳහා පැමිණ ඇත්තේ ඔහු ඇසුරු කරන වෙනත් කාන්තාවකද සමගය.
 එසේ දේශපාලන කටයුතුවල යෙදී සිටියදී ඒ ස්ථානයට කාන්තාවක ත්‍රිරෝද රියකින් පැමිණ ඇත. ඒම අවස්ථාවේ එසේ පැමිණි කාන්තාව හා උපකාරක පන්ති ගුරුවරයා සමග සිටි කාන්තාව කෙස් වලු පටලවා ගනිමින් රණ්ඩුවක නියැළි ඇත. ආරාවුල බේරිමට උත්සාහ ගත් උපකාරක පන්ති ගුරුවරයාගේ කමිසයද ඉරි ගොස් ඇත. සටනින් ජය ලැබූ ආගන්තුක කාන්තාව උපකාරක පන්ති
ගුරුවරයා ත්‍රිරෝද රියට නංවාගෙන පිටව ගොස් ඇත්තේ ඒ අතරය.


අනතුරුව පළමු කාන්තාව මේ බව එම පුද්ගලයාගේ නීත්‍යනුකූල බිරියටද දන්වා මිරිගම පොලිසියට පැමිණිල්ල කර ඇත. පැමිණිල්ලේ සටහන් කර ඇත්තේ ටියුෂන් ගුරුවරයා නාඳුනන කාන්තාවක පැමිණ පැහැර ගෙන ගිය කතාවක් පමණි.

පැමිණිල්ල අනුව ක්‍රියාත්මකවූ පොලිසිය පැහැරගෙන ගිය බව කියන පුද්ගලයා, පැහැරගෙන ගිය බව කියන කාන්තාව සමග නිවසක සිටියදී සොයාගත් නමුත් ඒ් කියන ආකාරයේ පැහැරගැනීමක් නොව අනියම් ඇසුරක් ලබමින් ඔවුන් සිටි බව ඒ්ත්තු ගොස් ඇත.
ඒ් සමග හෙලිවූයේ තුන් ඈඳුතු ආදර කතාවකි. පැහැරගෙන ගිය බව කියන පුද්ගලයා උස් මහත්වූ දරුවන් තිදෙනෙකුගේ පියෙකි. බිරිය රටට වැදගත් සේවය කරන කාන්තාවකි.

මොහු බිරිය හා දරුවන් සිටියදී ඉතා රහසිගතව ගුරුවරියක හා රූමතියක සමගද ඇසුරක් පවත්වා ඇත. ඔහු දේශපාලන කටයුතු සඳහා ගුරුවරිය සමග පැමිණ සිටින බවට රූමත්

කාන්තාවට දැනගන්නට ලැබීමත් පසු එහි පැමිණ අරාවුල් කර අනියම් සැමියා කැඳවාගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරික්ෂණවලදී අනාවරණය විය.

මේ සිද්ධීන් එකින් එක හෙළිවේදී නීත්‍යනුකූල බිරිය හා දරුවන් පොලිසියේදී වික්ෂිප්තව ගොසින් තිබේ.
ලොකු පුතා පැවසුවේ ලජ්ජාවේ පණ යන බවයි. ඇඳුමක් ඇදගෙන පාරක යන්න නම් බැහැ ඔහු පියාගේ මුහුණටම දැන්වීය.

පවුල් ආරවුලක් මිස පැහැරගැනීමක් සිදුවී නැති බව පරීක්ෂණයේදී හෙලිවීමත් සමග පොලිසියට ද කළ හැකි දෙයක් නොවීය. දැන් කුමක් කරන්නේද පොලිස් පරික්ෂක විමලරත්න මහතා උපකාරක පන්ති ගුරුවරයාගෙන් විමසීය. ඔහුගේ පිලිතුරෙන් දරුවන්ටත් බිරියටත් ගුරුවරියකවූ අනියම් බිරියටත් පුදුම සිතුණි. මම මෙයා එක්ක යනවා කී ඔහු තමත් පැහැරගෙන ගිය බවට චෝදනාවට ලක්වූ රූමත් කාන්තාවගේ අතින් අල්ලාගෙන පොලිසියෙන් පිටව ගොස් ඇත.

මීරිගම - පුෂ්පකුමාර මල්ලවආරච්චි