මේ දක්වා දිනක් තුළ ලොව වාර්තාවූ වැඩිම කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය ඊයේ  ජුනි 19 වාර්තා විය. එම අගය 181005 කි. මෙතරම් විශාල ප්‍රමාණයක් වාර්තාවෙද්දී එහි වැඩිම දායකත්වය බ්‍රසීලයෙන් වාර්තාවූ ආසාදිතයින් 55209 දරන ලදි.


එසේම ඊයේ සිදුවූ තවත් දෙයක් නම් බ්‍රසීලයේ ආසාදිත සංඛ්‍යාව මිලියනය ඉක්මවා යාමයි. මේ දක්වා මිලියනය ඉක්මවා සිටි එකම රටවී තිබුනේ ඇමරිකාවයි. ඇමරිකාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් මිලියන 2 ද ඉක්මවා ඇති අතර ප්‍රමාණය 2297190 කි.

කෙසේ වෙතත් කොරෝනා නිසා සිදුවන මරණ සාමාන්‍ය අගය මේවනවිට පහත බැස ඇති අතර අප්‍රෙල් මැද පැවති දිනකට 7000-8000 අතර අගය මේ වනවිට දිනකට 5000 පමණ දක්වා පහත බැස ඇත.
ඊයේ කොරෝනා මරණ හා අනෙක් අගයන් පහතින්