බොලිවුඩයේ ජනප්‍රිය නළු සුෂාන්ත් සිං රාජ්පුත් මුම්බායි හි පිහිටි ඔහුගේ මහල් නිවාසයේ මියගොස් සිටියදී අද සොයාගෙන තිබේ. 34 හැවිරිදි ඔහු සිය දිවි නසා ගත් බව විශ්වාස කෙරේ.
රූපවාහිනි නාටකවල සහ චිත්‍රපට රඟපෑමෙන් ජනප්‍රිය වූ රාජ්පුත්, ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස රඟපෑ එම්.එස්. දෝනි: ද අන්ටෝල්ඩ් ස්ටෝරි නිසා
වඩා ප්‍රසිද්ධ විය.
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළු බොහෝ දෙනෙක් මොහුගේ මරණය ගැන සොව පළ කර ඇත.

රාජ්පුත්ගේ මරණය සිදුවන්නේ ඔහුගේ හිටපු කළමනාකාරිනියගේ මරණයෙන් දින කිහිපයකට පසුව වන අතර සැකමුසු කාරණා ගැන තවම පරීක්ෂණ සිදුවේ.
 මීට දින පහකට පෙර, ජුනි 9 වන දින ඔහුගේ හිටපු කළමනාකාරිනී දීෂා සාලියන්  උස් ගොඩනැගිල්ලකින් පැන සිය ජීවිතය අවසන් කර තිබුණි..
රාජ්පුත්ගේ අභාවය බොහෝ දෙනෙකුට කම්පනයක් ඇති කර තිබේ. මෙය මෑතකාලයේ හින්දි සිනමා කර්මාන්තයේ ප්‍රකට පුද්ගල සිව්වන මරණයයි පසුගිය මාස දෙක තුළ, ඉර්ෆාන් ඛාන් සහ රිෂි කපූර් පිළිකාවට ගොදුරු වීමෙන් පසුව සහ සජිඩ්-වජිඩ් යුගලයේ වජිඩ් ඛාන් කොරෝනා වෛරස් වසංගතයට ගොදුරු වී මියගොස් තිබුණි.

නැගෙනහිර බිහාර් ප්‍රාන්තයේ උපත ලැබූ රාජ්පුත් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශ්ව විද්‍යාල පාඨමාලාවක් හදාරා ඇත. රංගනය හා නර්තනය පිළිබඳ ද හැදෑරීම් කළ අයෙකි.

ඔහුගේ බොලිවුඩ් පෙරළිය ඇතිවන්නේ 2013 බර්ලි සිනමා උළෙලේදී කයි පො චේ චිත්‍රපටය නිසාය.
මොහුගේ අවසන් චිත්‍රපටය වූයේ චිචෝර් ය.

ජුනි 3 වන දින සිය ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් මිලියන 10.2 ක් වෙත ඔහු අවසන් වරට පළ කළ ලිපියේ රාජ්පුත් 2002 දී මියගිය අභාවප්‍රාප්ත මවගේ පින්තූරයක් පළ කළ බව පීටීඅයි වාර්තා කරයි.
ඔහු මෙසේ ලිවීය: "කඳුළු බිංදු වලින් වාෂ්ප වී ගිය අතීතය බොඳ වී ගියේය."