විවාහ අපේක්ෂිත යුවළක මංගල්‍යයට පෙර 'ප්‍රීවෙඩින්' ඡායාරූප ඇල්බමයක් නිර්මාණය සඳහා
මාතලේ, ලග්ගල සේරඇල්ල
ප්‍රදේශයට ගොස්
එම ඡායාරූප ගත කිරීම් සිදුකරන අතර යුවළම ඇල්ලට වැටී ඇති අතර මනාලයා  අතුරුදන්ව ඇතැයි වාර්තාවිය.
එලෙස අතුරුදන්ව ඇත්තේ, ලබන මස විවාහ වීමට නියමිතව තිබූ කුරුණෑගල පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.
සේරඇල්ලට වැටී මනාලිය බේරාගන්නට හැකිවූ බව පොලීසිය වාර්තා කර තිබේ.