කොවිඩ් 19 වයිරසය හේතුවෙන් මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් අතරින් 20000කට ආසන්න පිරිසක් රැකියා අහිමිවීමේ අර්බුදයකට මුහුණ පා සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
 මේ වනවිට එරට සමහර ආයතන වැසී යාම නිසා සේවකයන් වැටුප් අහිමිවීම්වලට මුහුණ දී ඇති බවත් තවත්
සමහරුන්ට අඩු වැටුප් ලැබීම් සිදුව ඇති බවත් තවත් බොහෝ දෙනකුට අතිකාල සේවා අහීම් වී ඇති බවත් වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යධිකාරී මංගල රන්දෙණිය මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අතර අප්‍රේල්, මැයි හා ජූනි මාස තුනේදී
විදේශ රැකියාවන්ට යමට බලාපොරොත්තුවෙන් සිටි 30,000කට ආසන්න පිරිසකට කොරෝනා පැතිරයාම හේතුවෙන් එම රැකියා අහිමි වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.
එකී රැකියා අවස්ථා යළි ලබාගැනීම පිළිබඳව කාර්යාංශය මැදිහත්ව කටයුතු කරමින් සිටින බව පැවසු රන්දෙනිය  මහතා කියා අහිමී වී හෝ වැටුප් අහීමීව මැදපෙරදිග සිටින පිරිස් පිළිබඳව තානාපති කාර්යාල මට්ටමින් සොයා බලන බවත් අවශ්‍ය පහසුකම් සලසාදීමට පියවර ගන්නා බවත් පැවැසීය.

 එසේ යම් ප්‍රශ්නයකට මුහුණ දී සිටින අයකු වේ නම් අදාළ  රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට වාර්තා කරන ලෙස ඉල්ලා සිටි රන්දෙණිය මහතා එහි නිලධාරින් අවශ්‍ය පියවර ගනු ඇතැයිද කීය.
මේ අතර විදේශ රැකියාවන්හි යෙදී සිට නිවාඩුවට මව්රට පැමිණි අය ආපසු තම සේවා ස්ථානයට යාමට අවශ්‍ය නම් ඒ පිළිබඳ කාර්යංශයට වාර්තා කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් කාර්යාංශය විසින් කරනු ලබන බවත් ඔහු සඳහන් කළේය.

(විනීතා එම්. ගමගේ)