[Trending][btop]
[News][stack]

🔥 පාසල් විවෘත වන දිනයන් ප්‍රකාශ කෙරේ - උසස් පෙළ කල්යයි

පාසල් නැවත ආරම්භ කිරීම ගැන හා විභාග කල් දැමීම ගැන රජය වෙනුවෙන් අධ්‍යාපන ඇමතිවරයා දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවේදී දන්වා සිටියේය. ඒ අනුව අදියර 4 කින් පාසල් ඇරඹේ
පළමු අදියර
ජුනි 29 පාසල් ආරම්භ කිරීමට නියමිතයි.
එදින විදුහල්පතිවරු සහ ගුරු මණ්ඩලය පැමිණෙනු ඇති. සිසුන් පැමිණිය යුතු නැත.
දෙවන අදියර
ඉන්පසු සතියකින් ජුලි 6 ළමුන් පාසල් වෙත කැඳවීම ආරම්භ කිරීමට නියමිතයි.
5,11 සහ 13 යන ශ්‍රේණිවල සිසු සිසුවියන් එදින කැඳවීමට නියමිතය.

තුන්වන අදියර
ජුලි 20 දින 10 සහ 12 පන්තිවල සිසු සිසුවියන් කැඳවීමට නියමිතයි.
හතරවන අදියර
ජුලි27  3,4,6,7,8, 9 පන්තිවල සිසුසිසුවියන් පැමිණිය යුතුය.
-------
3 පන්තියට පහළ 1, 2 ශ්‍රේණි අරඹන දිනයක් තවම පැවසිය නොහැකි බවද ඇමතිවරයා දන්වා සිටියේය.

උසස් පෙළ විභාගය කල් දමා ඇති අතර නව උසස් පෙළ දින වකවානු වන්නේ සැප්තම්බර් 07- ඔක්තෝබර් 02 කාලය තුළ විභාගය පැවැත්වීම බව දන්වා ඇත

5 ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වැනිදා පවත්වන බවද ඇමතිවරයා දැන්වීය.

පාසැල් විවෘත කිරිමෙන් පසු අධ්‍යයන කටයුතු පවත්වන කාල වේලාවන්  වෙනස් කර ඇති බවද කීය. ඒ් අනුව
3 සහ 4 ශ්‍රේණි- උදෑසන 7.30 සිට 11.30
5 ශ්‍රේණිය - උදෑසන 7.30 සිට 12
6  ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය - උදෑසන 7.30 සිට 1.30
10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය - උදෑසන  7.30 සිට සවස 3.30
පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටියේය.