පොලොත්තරුව වැලිකන්ද නෙලුවැව ගම්මානය පුරා අනපේක්ෂිත අයුරින් ඊයේ 15. වැනි දින කපුටන් විශාල වශයෙන් මියගොස් තැනින් තැන වැටී ඇති බව ගම්වාසීහු පවසති. නෙලුවැව ගම්මානයේ ස්ථාන කීපයක ඊයේ (15 වැනිදා) උදෑසන මියගිය කපුටන් 15 දෙනකුගේ පමණ සිරුරු හමුවූ බව ගම්වාසීහු වැඩිදුරටත් සඳහන්
කරති. මෙම බිම වැටී සිටි ඇතැම් කපුටන්ට ගම්මානයේ තරුණ තරුණියත් පොල් කිරි පොවමිත් උන් යථා තත්වයට පත් කිරීමට විශාල වෙහෙසක් දරමින් සිටි බව ද ඔවුහු කියා සිටිති. කපුටත් හිටි හැටියේ මියයාමට හේතුවත් තවමත් නොදන්නා බවත්,
මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරිය සහ වනජීවී නිලධාරින් දැනුවත් කළ බවත් ගම්වාසීහු සඳහන් කරති. ඇතැම් කපුටත් විවිධ ගස්වල වසා සිටින අවස්ථාවල හිටි ගමන්ම මියගොස් බිමට වැටෙන බව ද ගම්වාසීහු පෙන්වා දෙති. මේ පිළිබඳ ඉතා කඩිනමින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස දැඩි සේ භීතියට පත්ව සිටින නෙලුම්වැව් ගම්වාසීහු අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටිති. මේ පිළිබදව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම්
 මහත්මියගෙන් දුරකතනයෙන් විමසීමේදී පවසා සිටීයේ මේ අයුරින් හිටි හැටියේ කපුටින් මීයැම ගැන අදාළ අංශ දැනුවත් කර ඉතා කඩිනමින් පරික්ෂණයක් සිදු කරන බවයි

මනම්පිටිය නිමල් ජයරත්න