යේ (10 )සවස 06.20 ට පමණ නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පිහිටි මූල්‍ය ආයතනයක ඇතිවූ ගැටුම්කාරී සිදුවීමක් නිසා පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා විය.
ෆිනෑන්ස් ආයතනයක සේවකයින් පිරිසක් සමග පිටස්තර පුද්ගලයින් දෙදෙනෙකු ගැටුමක් ඇති කර ගෙන ඇති අතර මියගිය අයගේ හිතවතෙකුගේ
ෆිනෑන්ස් කරන ලද ත්‍රීරෝද රථයක් සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් එම ෆිනැන්ස් ආයතනයේ සේවකයින් සමග සාකච්ඡා කිරීමට යාමේදී

එම ආරවුල හටගෙන තිබේ. මේ හේතුවෙන් ආයතනයේ සේවකයෙකු කළ පහර දීමකින් පසු බාහිරින් පැමිණි පුද්ගල දෙන්නාගෙන් කෙනෙකු මෙලෙස මරණයට පත්ව ඇත.ගැටුමෙන් තුවාල ලද එම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය අය වයස අවුරුදු 53 ක් වූ නො 252/ඒ/3, තානායම පාර, කැස්බෑව ලිපිනයේ පදිංචිකරුවෙකි.
119 හදිසි දුරකථන අංකයෙන්  මිරිහාන පොලිසියට ලද තොරතුරක් අනුව මිරිහාන පොලිස් වසමේ නො 253, පරණ කොට්ටාව පාර , මිරිහාන ලිපිනයේ පිහිටි ෆිනෑන්ස් ආයතනයක් ඉදිරිපිට ගැටුමක් ඇතිවන බවට පොලිසියට දැනගන්නට ලැබී  ඒ අනුව එහි ගොස් කළ විමර්ශන අනුව
මෙම අපරාධය සම්බන්ධයෙන් ඉහත ආයතනයේ සේවය කරන ලද සැකකරුවන් 08 දෙනෙකු අයුතු ජනරාශිය හා පුද්ගලයකුට පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. මිරිහාන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
 මිය ගිය පුද්ගලයා ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන බවද පසුව අනාවරණය විය.

තවත් වාර්තා
මියගිය සුනිල් දවසකට පෙර (9) මිරිහානේ ඔෆිස් එකේදී වාද කළ වීඩියෝව
මහමැතිවරණයට තරග කරන්නත් සිටි ත්‍රීවීල් සභාපති ඝාතනය වූ හැටි (වීඩියෝ)