පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයට සිදු වූ පහරදීම තමන් තරයේ හෙළා දකින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.




පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් සිදුකරන ලද එම හැසිරීමෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම කොරෝනා මර්දනයේදී සිදු කළ සේවාවට හානියක් සිදුවීම කනගාටුවට කරුණක් බව ද ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් ඉක්මනින් විමර්ශනය කර අවශ්‍ය නිසි පියවර ගත යුතු බවද ඔහු සඳහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හා නාමල් රාජපක්ෂ මහතා මේ මේ බව සඳහන් කර ඇත.