2011 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශ‍්‍රී ලංකාව අවසන් මහා තරගය පාවා දුන් බවට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන්

 ඊයේ (27) දිනයේදී හඟුරන්කෙතදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් අදහස් දක්වා ඇත. ඔහුද එම තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ අයෙකි.
එහිදී ඔහු පෙන්වා දුන්නේ “ඒ ප්‍රකාශය මම ඇහුවා. ඒකෙදි එයා කියන්නේ මේකට ප්ලේයස්ලා සම්බන්ධ නෑ කියලා. එහෙම කියද්දි මම මොකටද උත්තර දෙන්නෙ. මට කිසිම ප්‍රශ්නයක් නෑ. තේරීම් ගැන මට අදාළත්වයක් නැහැ. මම එහිදී ක්‍රීඩකයෙක් පමණයි මට මේ ගැන කියන්න දෙයක් නැහැ. ක්‍රීඩකයො තොරනකොට හැමෝම මත දෙන්න යන්නැහැ. ඒ වෙලාවේ සිලෙක්ටර් තමා තීරණ ගන්නේ ඒක ගැටලුවක් නෙමේ.” යනුවෙනි.