පසුගිය කාලයේ මාධ්‍ය තුළද කතාබහක් ඇති කළ බෙලරූස්හි වෛද්‍ය අධ්‍යාපනය ලබමින් සිටින නියෝජ්‍ය
පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියාය.
බෙලරූස්හි සිරවී සිටින අය ලංකාවට ගෙන්වීම පමාවූයේ විභාගය අවසන්වනතුරු එරට නතරවීමේ  ඇගේ පුද්ගලික උවමනාව සපිරීමට බවටත් ඇය ඇතුළු පිරිස මින් ඉහත ශ්‍රී ලංකාවට ගෙන්වීම පමාකිරීමට රෝහණ මහතා මැදිහත්වූ බවට ඇතැම් ආරංචි ප්‍රචාරය වූ අතර එයට ප්‍රතිචාර ලෙස ඇයට හා රෝහණ මහතාට උත්තර බඳින්නටද සිදුව තිබුණි. අද දින ඇය පැමිනියේ ඇගේ විභාග කටයුතු අවසන්වූ පසුවය.
පැමිණි විගස නිරෝධායන නීති අනුව ඇය දින 14 ක නිරෝදායනයට යොමුවූ බව වාර්තා විය.