පසුගිය කොරෝනා අගුළු වැටුණ සමයේ බොලිවුඩ් නළු රිතික් රෝෂන් දරුවන් සමග සිටි නිවසට  පෙර බිරිය පැමිණ පදිංචිවීම ගැන බොලිවුඩ් පුවත්පත්වල ආරංචි පළ විය.
දැන් වාර්තා වන්නේ හොඳම තාත්තා වීම පිළිබඳව සුසෑන් ඛාන් රිතික් රෝෂන්ට ස්තූතිවන්ත වෙමින්, සමාජ මාධ්‍ය ඔස්සේ රිතික් රෝෂන් සිය දරුවන් වන රිධාන් සහ රෙහාන් සමඟ
සිටින ආදරණීය ඡායාරූපයක් බෙදාහදාගෙන ඇති බවය.

සිය හිටපු සැමියා වන රිතික් සහ දරුවන්ගේ මෙම මොන්ටේජ් ඡායාරූපය ඇය බෙදාහදාගෙන තිබුණේ පසුගිය ඉරිදා දිනයේදීය.


සුසෑන් මෙම ඡායාරූපයේ ඉහළින්  “When God knew he couldn’t be everywhere he made ‘A Dad’. Happy daddy’s day Rye... u are simply the best dad ever. #rayridzrye.” යනුවෙන් ශීර්ෂ පාඨයක්ද සඳහන් කර තිබුණි. කුනාල් කපූර් සහ ප්‍රීති සින්ටාද එම පෝස්ට් එකට ආදරණීය අදහස් දක්වා තිබුණි.

මේ අතර රිතික් විසින්ද දරුවන් දෙදෙනා සමඟ ගතවන ඔහුගේ ජීවිතයේ තවත් දිනක මිහිරි මතකයක් විදහා දක්වන වීඩියෝවක් පසුගිය දිනක බෙදාහදාගෙන තිබුණි. එහිදී තමන් බහු කාර්යයන් වල සැබෑ අරුත ඉගෙන ගත් බවද ඔහු පවසා තිබුණි.

සුසෑන් සහ රිතික් 2014 දී එකිනෙකාගෙන් වෙන්වුවද ඔවුන් දැඩි සුහද සම්බන්ධතාවයක් දිගටම පවත්වාගෙන ගියහ. නව කොරෝනා වෛරසයත් සමඟ සෑම පවුලකටම හුදෙකලා වී වාසය කිරීමට සිදු වූ බැවින් එම කාලය අතරතුරදී සුසෑන් සිය පුතුන් සමඟ අගුලු දැමීමට පෙර ඇගේ හිටපු සැමියා වන රිතික්ගේ නිවසට පැමිණ තිබේ.

මෙසේ ඇය දරුවන් සමඟ එහි පදිංචියට පැමිණිදා සිට රිතික් සහ ඔවුන්ගේ දරුවන් එකට ආහාර ගනිමින් සතුටින් කාලය ගත කරමින් සිටී. සුසෑන් බෙදාහදාගත් මෙම විචිත්‍රවත් ඡායාරූපය ඊට සාක්ෂි සපයයි.

රිෂ්මි ඉෂාරා