කුත් දින කිහිපයේ මෙන්ම අදත් ගල්කිස්ස වෙරළ තීරයට කසළ ගසාගෙනවිත් තිබුණි.
පොලිස් පරිසර ඒකකය කසළ ඉවත් කිරීම් සිදුකළ අතර ඊට ප්‍රදේශවාසීන්ගේ සහාය ද හිමි විය.
මේ අතර ඊයේ (07) පෙරවරුවේ ගල්කිස්ස වෙරළ තීරය
වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ පරිසර කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්වැල්ල යන මහත්වරුන්ගේ නිරීක්ෂණයට ලක් විය.
ධීවර සංගම් නියෝජිතයන්ද මෙම ස්ථානය නිරීක්ෂණය කර තිබුණි.

මේ අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ගාමිණී හේවගේ මහතා පවසන්නේ කිසියම් පිරිසක් මුහුදට කසළ බැහැර කර ඇතැයි සැක මතුවන බවයි.
පසුගියදා ගල්කිස්ස වෙරළේ වැලි පිරවීමේ කටයුත්ත විධිමත් ආකාරයට සිදුවීද යන්න ගැන සැක සංකා මතුවූ අතර ඇතැමුන් සැක පහළ කරේ ඇඳිරි නීතිය අතරේ කසල පුරවා ඒවා වැලි වලින් වසා කිසියම් වංචාවක් සිදුවී ඇති බවයි.
ගලික්සිස වෙරළට වැලි පිරවීමේ ව්‍යාපෘතිය අසාර්ථකවූ බවට පසුගියදා කරුණු වාර්තාවූ අතර මිලියන ගණනක් මුහුදට ගසායාම ගැන බලධාරීන් විවිධ හේතු දක්වා තිබුණි.
ගල්කිස්ස වෙරළ තීරයට කැළිකසළ ගොඩගැසුණේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් නාවික හමුදාව ඇතුළු පාර්ශ්ව කිහිපයක සහාය ඇතිව විමර්ශනයක් ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පරිසර හා ප්‍රජා පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් දී තිබේ.