ඉන්දීය බොලිවුඩ් තාරකාවක වන මියගිය ශ්‍රීදේවිගේ සහ සැමියා බොනී කපූර්ගේ විවාහ සංවත්සරය පසුගිය දිනක යෙදී තිබුණි. ඔවුන් දෙපලගේ දියණිය වන ජාන්වී කපූර් 23 වන විවාහ සංවත්සරය වෙනුවෙන් ඔවුන් දෙපළගේ අපූරු ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහදා ගෙන තිබුණි.



අභාවප්‍රාප්ත ශ්‍රී දේවිගේ මරණය සම්බන්ධයෙන් විවිධ මත පළ වුන ද බොනී කපූර් සහ ශ්‍රී දේවී විසින් සාර්ථක විවාහ දිවියක් ගත කළ බව ජාන්වි කපූර් විශ්වාස කරයි. 90 දශකයේ ඔවුන්ගේ සම්බන්ධතාවය ආරම්භ විය. ශ්‍රීදේවි සිය පළමු දරුවා වන ජාන්වී කපූර් ගැබ්ගෙන සිටි කාලයේ 1996 දී ඔවුන් දෙදෙනා එකට ජීවත්වීම ආරම්භ කර තිබුණි.

සිනමා සෙට් එකට ගිය විට ඇයව මුණගැසුණු බවත් තමාට ඇයව මුණගැසීම සිහිනයක් සැබෑ වූවාක් මෙන් දැනුණු බවත් බොනී කපූර් විසින් වරෙක පවසා තිබුණි.

2020 ජුනි 2 වන දිනට යෙදී තිබුණු මෙම විවාහ සංවත්සරය වෙනුවෙන් ජාන්වී සිය දෙමවුපියන්ගේ ඡායාරූප පළ කර තිබුණේ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය තුළයි. මෙම පින්තූරයේ අභාවප්‍රාප්ත ජනප්‍රිය නිළිය බොනී කපූර් සමඟ ඉතා ආදරයෙන් සිටින අවස්ථාවක් නිරූපණය කරයි. ජාන්වී කපූර් මෙම ඡායාරූපයට ඉහළින් සුබ සංවත්සරයක් යනුවෙන්ද සඳහන් කර තිබුණි.

මීට පෙර, පීටීඅයි සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රීදේවිගේ හදිසි අභාවයෙන් තමා දැඩි ලෙස පීඩාවට පත්වූ බව පවසන බොනී කපූර් තම ජීවිතයේ සෑම තත්පරයකදීම ඇයගේ අහිමි වීම තමාට දැනෙන බවත්, දින  අවුරුදු ගෙවී ගියද ඇයගේ වියෝව කිසි විටෙකත් සුව කළ නොහැකි වේදනාවක් බවත් පවසා තිබුණි. බෝනි සහ ඔහුගේ දරුවන් වන ජාන්වි කපූර් සහ කුෂි කපූර්ගේ විවිධාකාර සම්මුඛ සාකච්ඡා වලින්ද මේ කරුණු පුනපුනා දක්වා තිබුණි.
(රිෂ්මි ඉෂාරා)