ද (07) දින අළුයම දොළහට පමණ මිනුවන්ගොඩ පොලිස් වසමේ බල්ලපාන ප්‍රදේශයේ නිවසක අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මරණයට පත්විය.
මෙම පුද්ගලයා සැඟව සිටින බවට ලද තොරතුරක් මත කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සහ
පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්  එම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් පොලිස් නිලධාරීන් හට වෙඩි තැබීමක් සිදුකරනු ලැබ ඇත. අනතුරුව පොලිස් නිලධාරීන් ප්‍රතිප්‍රහාර ලෙස වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී සැකකරු තුවාල ලබා දිවුලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.
සමියිගිය අය වයස අවුරුදු 50 ක් වන අයෙකි. ඔහු බල්ලාපන, දිවුලපිටිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි ඇත.

මියගිය අය පහත සඳහන් අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවෙකු බව පොලිසිය කියයි.
01. 2002 වර්ෂයේ පුද්ගලයෙකු (උක්කුෂාන්) වෙඩිතබා ඝාතනය කිරීම.
02. 2006 වර්ෂයේ රත්මලාන දුම්රිය නිවාස සංකීර්ණයේදී පුද්ගලයෙකුට (ලංවියා) පහරදී ඝාතනය කිරීම. 03. හෙරොයින් ළගතබා ගැනීමේ වරදකට වරෙන්තු ලබා සිටීම.
04. අමල් සිල්වා යන නාගරික මන්ත්‍රීවරයාට වෙඩි තබා තුවාල සිදුකිරීම.
05. රන්ජන් සිල්වා (ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා) වෙඩි තබා ඝාතනය කිරීම.
මරණකරු දීර්ඝ කාලයක් සිට විදේශ ගතව සිට ඇති බවත්, ඔහු ව්‍යාජ නමකින් විදේශ ගමන් බලපත්‍රයක්ද සකස්කර ගෙන ඇති බවටද අනාවරණය වී ඇත.
මෘත ශරීරය දිවුලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය හා කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.