[Trending][btop]
[News][stack]
'/>

වස්ගමුවේ සත්ව දඩයමට ගිය අයෙකු තමාටම වෙඩි වැදී මරුට


ඊයේ 06 වන දින රාත්‍රී 7.15 ට පමණ පොලොන්නරුව පොලිස් වසමේ වස්ගමුව ජාතික වනෝද්‍යානය තුලදී වෙඩි වැදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවට පොලොන්නරුව පොලිස් ස්ථානයට ලද
තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් වූ කලහගල, පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මියගිය අය ඔහුගේ හිතවතුන් දෙදෙනෙකුද සමඟ බෙහෙත් කොටන තුවක්කුවක් රැගෙන වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සතුන් දඩයම් කිරීම සඳහා පිටව ගොස් ඇති බවත් එම  අවස්ථාවේදී මියගිය අයගේ අතේ තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහුට වෙඩි වැදීමෙන් මියගොස් ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම
ස්ථානයේ ඇති අතර අද 07  දින මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරිමට නියමිතයි. පොලොන්නරුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.