ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එළඹෙන අගෝස්තු මාසයේදී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරග මාළාව නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ඉල්ලා ප්‍රකාශයට පත් කරන ලද දැන්වීමට
අනුව, ශ්‍රී ලංකාවේ
පැවැත්වෙන විස්සයි විස්ස තරඟයට දේශීය හා විදේශීය ක්‍රීඩකයින් ඇතුළත් කණ්ඩායම් 06කින් සමන්විත වනවා. LPL 2020 අගෝස්තු 15 සිට සැප්තැම්බර් 4 දක්වා ක්‍රීඩා කිරීමට යෝජනා කර ඇත. දින 16 ක් තුළදී තරඟ 23 ක් පැවැත්වෙන අතර, කණ්ඩායමකට 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරා ගත හැකි අතර එක් කණ්ඩායමක් සඳහා ඇතුලත්විය හැකි උපරිම විදේශීය ක්‍රීඩකයින් ගණන 6 දෙනෙක් බව එහි දක්වා ඇත.