ජාතික හැදුනුම්පත් නිකුත් කිරිමේ එක්දින සේවාව ලබන සදුදා (22) සිට යළි ක‍්‍රියාත්මක බව පුද්ගයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.



සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද භාවිත කරමින් එම සේවාව ලබාදීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ අනුව බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයෙන් දිනකදී නිකුත් කෙරෙන හැදුනුම්පත් සංඛ්‍යාව 250 ක්.

දකුණු පලාත් කාර්යාලයෙන් 50 දෙනෙකු සදහාත් එක්දින සේවාව ලබාදීමයි සැලසුම. බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයට හෝ ප‍්‍රාදේශීය කාර්යාල වෙත පැමිණීමට පෙර දිනයක් හා වේලාවක් මෙන්ම තමන්ට වෙන්කළ ප‍්‍රවේශ අංකයක් ලබාගැනීම අනිවාර්ය බවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලක මහතා සදහන් කළා.