කාන්තාවක පැහැරගෙන ගොස් ඇයට හිරිහැර කළේ යැයි කියන කුරුණෑගල මූලස්ථාන පොලිසියේ රාජකාරි කළ පොලිස් පරික්ෂකවරයකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇතැයි පොලිසිය කියයි.

කුරුණෑගල  නගරයේදී ඉකුත් 19 වැනිදා වෑන් රථයකින් පැමිණ කාන්තාවක පැහැරගෙන ගොස්  ඇය අයුතු ලෙස සිරකර තබා පහරදී තුවාල සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල සහකාර පොලිස් අධිකාරි (1) පරික්ෂණයක් ආරම්භ කර ඇත,
පහරකෑමට ලක්වූ බව කියන කාන්තාවගෙන් ද සිද්ධියට සම්බන්ධ බව පැවසෙත පොලිස් පරික්ෂකවරයාගෙන් ද වෙන වෙනම ප්‍රකාශ ලබාගත් බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (21) පැවැසීය.
පරික්ෂණවලින් පෙනීගිය කරුණු සැලකිල්ලට
ගනිමින් පෙරේදා මෙම පොලිස් පරික්ෂකවරයාගේ වැඩ තහනම් කළ බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගේ විශේෂ උපදෙස් මත  කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික
සිරිවර්ධන සහ කුරුණෑගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.ජේ.වයි. ක්‍රිෂාන්ත යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)