මැදපෙරදිග කලාපයේ රටවල් 17ක වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1,700 කට වැඩි පිරිසකට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය  ප්‍රකාශක නීයෝජ්‍ය  සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතාගෙන්  කළ විමසීමකදී පැවසීය.

කෝවිඩ්-19 ආසාදිත  මැදපෙරදිග විදෙස් ශ්‍රමිකයන් අතරින් 23 දෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා වන බවත්, ඒ පිළිබඳ ඔවුන්ගේ ඥාතීන් දැනුවත් කිරීමට කටයුතු කළ බවත් පවසා  සිටි ඒ මහතා, එම රටවල පවතින නීරෝධායන නීතීන්ට අනුකුලව එම දේහය අවසන් කටයුතු සිදුකර ඇති බවද ප්‍රකාශ කළේය.
එම පිරිස අතරින් 200කට වැඩි පිරිසක් මේ වනවිටත් සුවය ලබා ඇති බවත්, අනෙක් පිරිස රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් රන්දෙණිය මහතා පවසා සිටියේය.
    මියගිය පුද්ගලයන් වෙනුවෙන් හිමිවන රක්ෂණ වන්දි මුදල් ඔවුන්ගේ යැපෙන්නන්ට ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ලබාදීමටත් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් සුභසාධන සැලසීමටත්
කාර්යාංශය කටයුතු කරන බව ද මේ වනවිටත් අදාළ තොරතුරු කාර්යාංශය විසින් පවතීනම් ඒවා ලබාදීමටද කටයුතු කරමින්  රැස්කරමින් පවතින බවත් ඒ මහතා ප්‍රකාශ සිටින බවත් හෙතෙම සඳහන් කළේය. කළේය. රෝගය අසාදිත වූ ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අදාළ තනාපති කාර්යාල  හා   මහකොමසාරිස්  කාර්යාංශය නිරන්තරයෙන්  සොයා බලන බවත්  ඔවුන්ට යම් අවශ්‍යතා පවතීනම් ඒවා ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.

 පසුගිය සෙනසුරාදා (20) පමණක් විදෙස්ගත ශ්‍රමිකයන් 410 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණ තිබේ.
ගුවන්යානා 5කින් මෙම 410 දෙනා දිවයිනට පැමිණි බවත්, විදෙස්ගත ශ්‍රමිකයන්
මෙරටට ගෙන්වීම ආරම්භ කළ පසු එක් දිනකදී දිවයිනට පැමිණි වැඩිම පිරිස මෙය බවත් සඳහන් වේ.
මේ වනවිට රටවල් 21කින් විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වාගෙන ඇති අතර, ඔවුන් සියලුදෙනා නිරෝධායනය සඳහා යොමු කර ඇති බවත්, ගුවන්තොටුපොළ තුළ පී.සී. ආර්. පරීක්ෂණ ආරම්භ කිරීමෙන් අනතුරුව එලෙස පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් වූ ගුවන් මගීන් පිරිස 2000කට අධික බවත් වාර්තා
වේ.
මේ වනවිට මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකේක්ය. ශ්‍රමිකයන් 39,000ක්
පමණ මෙරටට පැමිණීමේ  අපේක්ෂාවෙන් ලියාපදිංචි වී සිටින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් 'අද' කළ විමසීමකදී සඳහන් කළේය.
එමෙන්ම ලොව පුරා වෙසෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 50,000 ඉක්ම වූ පිරිසක් මෙරටට පැම්ණිමේ ,  අපේක්ෂාවෙන් ලියාපදිංචි වී සිටින බව විදේශ
සබඳතා අමාතයාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ  මහතාගෙන්  අද පුවත්පත පසුගියදා කළ විමසීමක දී  ප්‍රකාශ කළේය.

නවෝද්‍යා පවනි