හුස්ම ගැනීමේ අපහසුතාව හේතුවෙන් කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ සිසුවකුට ඊයේ (9) පෙරවරුවේ මියගිය බව කෑගල්ල රෝහල් පොලිසිය කියයි.



මෙසේ මියගොස් ඇත්තේ 2019 වසරේ අ. පො.ස. උසස් පෙළ විභාගයේ, ජීව විද්‍යා අංශයේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සිව්වන ස්ථානය හිමිකර ගත් කෑගල්ල බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටි එච්.එම්. ඉසුරු හේෂාන් මනතුංග නමැති සිසුවෙකි.

ඔහුගේ නිවුන් සහෝදරයා අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් එම වසරේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පස්වන ස්ථානය හිමි කරගත්තේය. හුස්ම ගැනීමේ අපහසුව නිසා මෙම ශිෂ්‍යයා පසුගිය මැයි 24 වැනි දා රෝහල් ගත කර ඇත.වෛද්‍යවරයකු වීමේ අපේක්ෂාවෙන් සිටි මෙම සිසුවා බලාපොරොත්තු නොවූ අයුරින් දිවියෙන් සමුගත්ය.  මෙම මරණය සම්බන්ධ මරණ පරික්ෂණය කෑගල්ල රෝහලේදී පැවැත්විමට නියමිතව තිබුණි.

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)