අදාළ පුද්ගලයාට එරට රාජ්‍යතාන්ත්‍රික බලපත‍්‍රයක් තිබුණත් ඔහු ඉන්දු පැසිෆික් කර්මාන්ඞ් රෙජිමේන්තුවේ සාමාජිකයකු පමණක් යැයි ද ඒ මහතා සඳහන් කළේය.



අදාළ පුද්ගලයා තානාපති වරප‍්‍රසාදයන්ට මුවා වී පීසීආර් පරීක්‍ෂණයට මුහුණ නොදී සිටිය බවද වීරවංශ මහතා කියා සිටියේය. එසේම අදාළ පුද්ගලයා කවුරුන්ද යන්න සොයා බලා මෙරටට කරුණු කියන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලයට අභියෝග කරන බව ද ඒ මහතා පැවසීය. මෙරටට පැමිණෙන සියලූ පුද්ගලයන් කොරෝනා වෛරසයට ගොදුරු වී සිටී දැයි පරීක්‍ෂා කිරීම මෙරට වගකීමක් වී ඇතැයි ද ඇමැති විමල් වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.  ඊයේ  මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.