කේම්බ්‍රිජ්හි ආදිපාදවරයාගේ සහ ආදිපාදවරියගේ වැඩිමහල් දරුවන් වන ජෝජ් කුමාරයා සහ චාලට් කුමරිය සතියක විවේකයකින් පසුව සඳුදා දින සිට නැවතත්  නිවසේ සිට අධ්‍යාපනය ලැබීම ආරම්භ කළ බවට බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කරයි.
බටහිර ලන්ඩනයේ තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ජෝජ් සහ චාලට්
මුල් වරට නිවසේ සිට අධ්‍යාපනය ලබන්නට ආරම්භ කළේ කොරෝනා වෛරසය හේතුවෙන් එක්සත් රාජධානියේ අගුළු දැමීම ආරම්භ වූ මාර්තු  මාසයේ අග සිටය. ජෝජ්ගේ සහ චාලට්ගේ වයස් පිළිවෙලින් අවුරුදු 6ක් සහ අවුරුදු 5ක් වේ.
එක්සත් රාජධානියේ ආණ්ඩුව විසින් අගුළු දැමීම ලිහිල් කිරීමේ පියවර වශයෙන් තව සති දහයකින් පසුව 1 වසර සහ 6 වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයන් සඳහා නැවත පාසැල් විවෘත වීමට නියමිතය.

මෙසේ නැවත පන්ති කාමරයට පිවිසෙන දරුවන් අතර 1 වසර ඉගෙනුම ලබන චාලට් කුමරිය සිටීවිදැයි කෙන්සිංටන් මාලිගාවෙන් තවම ස්ථිර වශයෙන් පවසා නොමැතිය. මීට පෙර පළ වූ වාර්තාවල

සඳහන් වූයේ 2 වසර ‍ඉගෙනුම ලබන ජෝජ්ට පාසැල් යා හැකි වන තෙක් විලියම් කුමරු සහ කේට් විසින් තම දියණිය වන චාලට්ව පාසැල් නොයවන බවය. කේම්බ්‍රිජ්වරු තම දෙහැවිරිදි පුත් ලුවී කුමාරයාද සමඟ දැනට කල් ගෙවන්නේ නෝෆෝක්වලය.
නිවසේ සිට අධ්‍යාපනය ලබා දීමේ අභියෝගය පිළිබඳව ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන දෙදෙනාම අදහස් පළ කර තිබේ. BBC Breaksfast වෙත කේට් විසින් අදහස් දක්වා සිටියේ අප්‍රියෙල් නිවාඩු කාලය පුරාවට ඇය හා විලියම් එක්ව දරුවන්ට ඉගැන්වූ බවය. “දරුවන්ට කියන්න එපා, අපි ඇත්තටම ඔවුන්ගේ නිවාඩුව පුරාවට ඔවුන්ට ඉගැන්වුවා. නිවාඩු කාලයේ අප එසේ කිරීම ගැන මට කනගාටුයි” කියා ඇය අදහස් දැක්වූවාය.
ජෝජ් සහ චාලට් ඉගෙනුම ලබන විෂයන් පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනීමට මෙම කාලය තුළදී ආදිපාදවරයාට සහ ආදිපාදවරියට අවස්ථාව ලැබුණි. දෙවන ලෝක යුද්ධය කාලයේ අත්දැකීම් ලත් වැඩිහිටියන්ව රැකබලා ගන්නා ස්ථානයකට ලබා දුන් Zoom ඇමතුමකදී කේට් හෙළි කර තිබෙන්නේ, “පාසැල නිසා හැම දරුවෙකුම අභියෝගයකට මුහුණ දෙමින් පවතිනවා. මේ දිනවල අපේ දරුවන් We”ll meet again කියන ගීතයේ පදමාලාව පාඩම් කරනවා. හැම දවසකම ඒ සින්දුව අහද්දී හරි ආසයි” කියාය.

ජෝජ් දැන් දෙවන මහ ලෝක යුද්ධය පිළිබඳව අධ්‍යාපනය ලබන හෙයින් එම ගීතය ජෝජ්ට විශේෂිත එකක් වී තිබෙන බව කේට් පැවසුවාය.
ඇය තවදුරටත් ප්‍රකාශ කළේ, “ජෝජ් දැන් දෙවන ලෝක මහ යුද්ධය ගැන ඉගෙනගන්න පටන්ගන්නවා. ඔබ සමඟ කතා කිරීම ඔහු ගෞරයක් ලෙස සලකයි. එමනිසා ඊළඟ වතාවේදී ඔබ සමඟ කෙටි කතාබහක යෙදී ඔබේ කතාවලට ඇහුම්කන් දීමට ඔහුට අවස්ථාව ලබා දිය හැකියි” කියාය.
මැයි මාසයේ මුලදී This Morning පුවත්පත වෙත පෙනී සිටිමින් කේට් පැවසුවේ තම නැගණියට උද්‍යෝගයෙන් සහභාගි විය හැකි ව්‍යාපෘති පාසැලෙන් ලැබීම පිළිබඳව ජෝජ් එතරම් සතුටු නොවූ බවය. “ජෝජ්ට ඕනෙ චාලට්ට ඉස්කෝලෙන් දෙන වැඩ කරන්න. පොතේ පතේ වැඩ කරනවාට වඩා චාලට් කරනවා වගේ අත්වැඩ කරන්න එයා ආසයි.”

(HELLO ඇසුරිනි)
එස්. දහනායක
[June2, 2020 - Gossiplankanews.com]